ජාත්‍යන්තර සම්මාන ලාභී , ඉංජිනේරු තාක්ෂණවේදය විශ්වවිද්‍යාලය තුල හදාරන විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ගෙන්ම විෂය එකම තැනකින් , හරියටම , ප්‍රායෝගිකව , තේරෙන්න ඉගෙනගන්න

Team

ගුරු සුසං‍යෝගය

චතුරංග සමරකෝන්

තාක්ෂණවේදය සදහා විද්‍යාව
SFT - CHATHURANGA SAMARAKOON (BET Hon's (UG) Jayawardhanepura)

මලීෂ පෙරේරා

ඉංජිනේරු තාක්ෂණවේදය
ETEC- MALEESHA PERERA (BET Hons (UG) Instrumentation & Automation , University of Colombo)

හර්ෂණ ඉරුගල්බණ්ඩාර

ඉංජිනේරු තාක්ෂණවේදය
ETEC- HARSHANA IRUGAL BANDARA (BET Hon's (UG) Material & Nano science (WUSL)) ,Patent Holder ,Author of Engineering Technology book series

තේනුක වික්‍රමසිංහ

තොරතුරු සන්නිවේදන තාක්ෂණය
ICT -THENUKA WICKRAMASINGHE (BET Hon's (UG) Jayawardhanepura) තොරතුරු තාක්ශණ ක්ශෙත්‍රයේ ජාත්‍යන්තර සම්මාන ත්‍රිත්වයක් හිමි තාක්ශණවේදියෙකි.Asia Pacific ICT Alliance Awards -2017(Dhaka,Bangladesh)- Gold Winner , Best Innovation of The Year 2017 - International Inventors Awards Fair (Jakarta,Indonesia),Gold Prize(Information Tech)-International Inventors Awards Fair (Jakarta,Indonesia) , Dip in ICT, Dip in Web Engineering,Dip in Software Engineering,Patent Holder

තාක්ෂණවේදය විෂය ධාරාව ගැන

ව්‍යවසායකයන් නිර්මාණයකරන විෂය ධාරාව වීම

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ රැකියා අපේක්ෂකයන්ගේ අතිරික්තයක් පවතින නිසා ලංකාවට අවශ්‍ය වන්නේ රැකියා උත්පාදනය කළ හැකි නව ව්‍යවසායකයන් වේ. එම අරමුණින් ලංකාවේ හඳුන්වා දෙන ලද පළමු සහ එකම විෂය ධාරාව වන්නේ තාක්ෂණවේදය විෂය ධාරාවයි

නවෝත්පාදකයන් නිර්මාණය කරනු ලබන විෂය ධාරාව වීම.

තාාක්ෂණවේදය විෂය ධාරාව තුළ තාක්ෂණවේදයට අදාල න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම ද සිසුන්ට ලැබීම නිසා නව නිර්මාණකරණය කෙරෙහි රුචිකත්වයක් ඇති බොහෝ සිසුන්ගේ තේරීම් වන්නේ උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවයි .

න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම ද මැන බලන විභාග ක්‍රමය

අපොස උසස් පෙළ විභාගයේදී තාක්ෂණවේදය හදාරන සිසුන්ට ලිඛිත ප්‍රශ්න පත්‍රයට මෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා ප්‍රායෝගික පරීක්ෂණයට ද මුහුණ දීමට සිදුවේ. එම නිසා ප්‍රායෝගික හැකියාවෙන් යුතු සිසුන්ට වැඩි ලකුණු මට්ටම්ක් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ

විභාගය අසමත් වුවත් ජිවිතය අසමත් නොවන විෂය ධාරාව

ඉහළ සාමාර්ථ ලබා ගන්නා සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවන අතරම අඩු සාමාර්ථ ලබා ගනු ලබන සිසුන් සදහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල , University College ,උසස් තාක්ෂණ ආයතන හරහා තම උසස් අධ්‍යාපනය ලබා උපාධිධාරීියකු වීමට අවස්ථාව හිමි වීම

තෝරාගත යුතු විෂයන්

පළමුවන කාණ්ඩය

මෙම කාණ්ඩය අනිවාර්ය වූ විෂය කාණ්ඩය වේ. එනම් තාක්ෂණවේදය හදාරන සියලුම සිසුන් මෙම විෂය හැදෑරිය යුතුයි

තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT)

දෙවන කාණ්ඩය

මෙම කාණ්ඩයෙන් එක් විෂයක් තෝරාගත යුතුයි

ඉංජිනේරු තාක්ෂණවේදය (ET)
ජෛව පද්ධති තාක්ෂණවේදය (BST)

තෙවන කාණ්ඩය

මෙම කාණ්ඩයෙන් එක් විෂයක් තෝරාගත යුතුයි

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
ආර්ථික විද්‍යාව
භූගෝලය
ගෘහ ආර්ථික විද්‍යාව
ඉංග්‍රීසි භාෂාව
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය
චිත්‍ර
ව්‍යාපාර අධ්‍යයනය
ගිණුම්කරණය
ගණිතය
කෘෂි විද්‍යාව
දෙවන කාණ්ඩයේ තෝරාගනු ලබන විෂය අනුව ඉංජිනේරු තාක්ෂණ තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය ලෙස තාක්ෂණවේදය විෂය ධාරාව බෙදී යයි